• Wasanthaya Thawa Durayi Robarosiya - වසන්තය තව දුරයි රොබරෝසියා

ලා දම් පාටින් හිනැහෙන රෝබෝසියා මල් ගණන් කරන්න බැරි තරම් බිම වැටිලා. මහ පාර උඩ රෝබෝසියා පලසක් එලලා වගේ. එත් සමහර මල් පාරේ එහාට මෙහාට යන වාහන වල ටයර්වලට පොඩි වෙලා ගිහින්. පාරට වැටෙන කොයි මලටත් වෙන්නේ වාහන වලට තැලෙන්න තමයි. එකපාරටම හිතට ආපු සිතිවිල්ලක් නිසා හැල්මේ දුවන මිනිස්සු දිහා පවා නොබලා මං හෙමීට පාත්වෙලා රෝබෝසියා මලක් ඇහිද ගත්තා.


ජීවිතේ එක්තරා කාලයකදී රෝබෝසියා මල් වලට මං තරං පෙම් කරපු තවත් කෙනෙක් නැතුව ඇති. රෝබෝසියා මල මගේ හදවතේ ලස්සනම මතකයන් ටික මට ආයෙම මතක් කරනවා. ඔ ජිවිතේ හොඳම කාලය. සැහැල්ලුවෙන්, හිනාවෙන් මගේ පාළු හදවත සනසවපු මිහිරිම දවස් බැඳුණේ මේ රෝබෝසියා මල එක්ක. මලටවත් නොදැනෙන්න මගේ සුළඟිල්ලෙන් මං මලේ පෙති සියුම්ව පිරිමැද්දා. ඒ සිනිඳු හැඟීම දැනුණේ සුළඟිල්ලට නෙවෙයි. මගේ හදවතේ ගැඹුරුම තැනකට. මටත් නොදැනීම මගේ මුවේ හසරැල්ලක් දැනෙන්න ඇති.  මං තව පාරක් රෝබෝසියා මල දිහා බැලුවා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wasanthaya Thawa Durayi Robarosiya - වසන්තය තව දුරයි රොබරෝසියා

  • Rs. 600.00